Tuesday, April 8, 2008

අලුත් එළියක - විමලරත්න කුමාරගම

අලුත් එළියක ලකුණු මතුවෙයි
එදෙස තරු රැස් අණුව යන්නෙමි
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට සඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත්, මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්

ජීවිතය - සදුන් සමීර සිරිබන්දු

ජීවිතයේ,
අමතකව ගිය පිටුවක් ද මා සැමට ..
අඳුර විනිවිද එළියක් දකින්නට
කොතෙක් කල් ලව නෙතට නින්දක් නොදෙන්නද?
පැතු එළිය ද නිවී ගිය කල ..

අදිසි සිර මැදිරියක
බිත්ති වත් .. යදම් වත් නොමැති ..
නිල නොලත් සිරකරුවෙක්මි ..
අසීමිත නිදහසක් ඇති - කල වරදකුත් නැති

පණ ගැහෙන මුව පොව්වෙක්මි
ප්රිය සබ‍ඳෙකුත් නොමැති
සෙනහසට උරුමයක් නොමැති

ජීවිතය ලැබූවෙමි - විඳින්නට නොව විඳවන්නට
භද්ර යෞවනය මෑත අත වනද්දිම ...

අම්මා - විමංශි නිරූපමා

කඳුලු කැට පිරි දෙනෙත - දකින්නේ ඔබ රුවයි
නෙක සුසුම් දරා සිත - හිතන්නේ නුඹ ගැනයි
මගේ ලොව සඳු ඔබයි - ආදරයේ උල්පතයි
කඳුලු එන විට නෙතට - මතක් වන්නේ ඔබයි
තරහ වුන විටදී - දුක හිතෙන්නේ ඒ නිසයි
ඒ කඳුල ඔබ ළඟත් - තිබෙන්නේ යැයි සිතෙයි
ළඟ නැතුව ඔබෙ සුවඳ - මගේ හදවත හඬයි
ඒ කඳුල පිසින්න‍ට බැහැ - මම බොහො දුරයි
ඔබේ රුව දකින්නට - ඇඟිලි ගනිමින් සිටියි